යුක්රේන ගුවන් හමුදාවේ ගුවන් යානයක් කඩා වැටීමෙන් ගුවන් භටයින් 5 දෙනෙක් මරණයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
එම ගුවන් යානය කඩා වැටෙන අවස්ථාවේ 14 දෙනෙක් යානයේ ගමන් කර ඇති බවද වාර්තාවේ.
යුක්රේන හදිසි සේවා පවසන්නේ අදාළ යානය කියිව් අගනුවර ආසන්නයේදී කඩා වැටී ඇති බවයි.
එමෙන්ම රුසියාවේ භාණ්ඩ ප්‍රවාහන නෞකා දෙකකට යුක්රේන හමුදා විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරය හේතුවෙන් එක් නැවියකු අනතුරට ලක් ව නැවක් ගිනි ගෙන ඇති බව වාර්තාවේ.
මේ අතර සිය රට ආක්‍රමණය කළ රුසියානු සේනාංකවලට උපරිම හානි සිදු කරන ලෙස යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි එරට හමුදාවන් වෙත නියෝග කර තිබෙන බව විදෙස් මාධ්‍ය කියයි.
එමෙන්ම තම රට රුසියාව සමග තානාපති සබඳතා බිඳදැමූ බව ද සෙලෙන්ස්කි ප්‍රකාශ කළේ ය.ප්‍රහාරයෙන් ආරක්ෂාව සලසාගනු පිණිස සියළු අංශ උපරිමයෙන් දායක වියයුතු යයි ද සෙලෙන්ස්කි කියා සිටියේය.