Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

යුක්රේන රුසියානු අර්බුදය හමුවේ මෙරටට අතිවන බලපෑම් අවම කර ගැනීම සඳහා අපක්ෂපාතී නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට වහා පියවර ගත යුතු බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙනවා.

ඔවුන් සඳහන් කළේ දෙරට අතර පවතින එම අර්බුදය හේතුවෙන් ඉදිරියේදී ලෝක වෙළඳපොළේ ඉන්ධන සහ ගෑස් මිල තව දුරටත් ඉහල යා හැකි බවයි.

එමෙන්ම පවතින තත්වය හමුවේ ගුවන් ගමන් සීමා කිරීමක් සිදු වුවහොත් යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට සහ සංචාරකයින්ට යළි මෙරටට පැමිණීමේ ගැටලු ඇතිවන බවයි.

රාජතාන්ත්‍රික විචාරකයින් අවධාරණය යුද මේ තත්ත්වයක් ඇතිවුවහොත් යුක්රේනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගේ ආරක්ෂාව සහ මූලික අවශ්‍යතා සපුරාලීම පිළිබඳවමෙරට රජයේ දැන් සිටම පූර්ව සූදානමින් පසුවිය යුතු බවයි.

ඒ ඒ පාර්ශවයන් සහය දක්වන ප්‍රබල රටවල් රුසියාව සහ යුක්රේනයේ බැංකු පද්ධති ආශ්‍රිතව පවා සම්බාධක පැනවීමේ අවදානමක් පවතින බැවින් ඊට විකල්ප ක්‍රමවේදයක් සැලසුම් කර ගැනීම සඳහා අදාල දැනුම් දීමේ කටයුතු සිදු කළ යුතු බව දේශපාලන විචාරකයින්ගේ අදහසයි.

යුක්‍රේනයේ ඩාන්යෙක් සහ ලුහාන්ස් ප්‍රදේශ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් ඊයේ නිදහස් රාජ්‍යයන් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීය .

Leave a Reply

Your email address will not be published.