දිවයිනට පැමිණ සිටින යුක්රේන ජාතික සංචාරකයන් සංචාරය කිරීම හේතුවෙන් පොළොන්නරුව ප්‍රදේශයේ සිද්ධස්ථාන කිහිපයක් අද පස්වරු 01 න් පසු දේශීය සංචාරකයන් වෙනුවෙන් වසා තැබෙනවා.
මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කලේ පොළොන්නරුව පරාක්‍රම මාළිගා සංකීර්ණය, දළදා මලුව, රන්කොත් වෙහෙර, ලංකාතිලක වෙහෙර, කිරිවෙහෙර මෙන්ම ගල් විහාරය, තිවංක පිළිමගෙය හා නෙලුම් පොකුණ යන ස්ථාන ඊට අදාළ වන බවයි.
යුක්රේන සංචාරකයන් සංචාරය කරන අවස්ථාවලදී එම ස්ථානවලට දේශීය සංචාරකයන්ට පිවිසීමට ඉඩ නොදීමටයි තීරණය වී ඇත්තේ.
ඒ අනුව හෙට දහවල් 12 දක්වා කාලය තුළ සීගිරිය කලාපයද දේශීය සංචාරකයන් සඳහා විවෘත නොවනු ඇති.
යුක්රේන සංචාරකයන් ඉදිරි දින කිහිපය තුළ දඹුල්ල හා මහනුවර යන සංචාරක කලාප තුළද සංචාරය කිරීමට නියමිතයි.