Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොලොම්බියාව තුළ ක්‍රියාත්මක වූ ෆාර්ක් ගරිල්ලන් සිය මෙහෙයුම් සඳහා ගෙවුණු වසර 20ක කාලය තුළ දී දරුවන් 18,000කට අධික පිරිසක් බඳවාගෙන ඇති බවට අනාවරණය වී තිබේ. කොලොම්බියාව තුළ ක්‍රියාත්මක වන අන්තර්වාර යුක්ති අධිකරණය මගින් මෙම කරුණු ඉදිරිපත් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙසේ ගරිල්ලන් විසින් යුද්ධය සඳහා බඳවාගන්නා ලද දරුවන් විවිධ අඩන්තේට්ටම්වලට ලක්ව තිබෙන බවත් එය ෆාර්ක් සංවිධානය විසින් සිදු කළ තවත් අපරාධයක් බවත් අධිකරණය සඳහන් කර තිබේ.මෙය පිළිබඳ අදහස් දැක්වූ අධිකරණ ප්‍රධානියා පවසා සිටියේ,

“මේ ආකාරයට දරුවන් යුද්ධය සඳහා යොදාගැනීම කොලොම්බියානු සමාජය වේදනාවට පත්කරවන්නක්.දැනට සිදුකර තිබෙන ඇස්තමේන්තුවට අනුව පිරිමි සහ ගැහැණු දරුවන් 18,667 දෙනෙකු යුද්ධය සඳහා බඳවා ගෙන තිබෙනවා.කිසිදු විවාදයකින් තොරව මෙය වඩාත් දරුණු ක්‍රියාවක්.”

බවයි.මෙම ෆාර්ක් ගරිල්ලා කණ්ඩායමේ ක්‍රියාකාරකම් හේතුවෙන් වින්දිතයින් වූ කණ්ඩායම් සහ බලහත්කාරයෙන් බඳවා ගත් බව පැවසෙන පුද්ගලයින් 274 දෙනෙකු විසින් සිදුකළ කරුණු දැක්වීම සහ සාක්ෂි ලබාදීම් හරහා මෙම සංඛ්‍යා ලේඛන පිළිබඳ තොරතුරු ලබාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *