ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ගතවන සෑම තත්පර 17කට වරක්ම යුරෝපයෙන් කොවිඩ් ස්මරණයන් වාර්තාවේ.එමෙන්ම යුරෝපයට පනවා ඇති යම් යම් සංචරණ සීමා නිසා තත්ත්වය තරමක් දුරට පාලනය වී ඇති අතර ඉදිරි මාස හය ඉතාමත් අසීරු සීමා කාලසීමක් වන බව එම සංවිධානය ප්‍රකාශ කළා .
ගෙවුණු සතියේ දී පමණක් යුරෝපයෙන් මරණ 30,000 ආසන්න ගණනක් වාර්තා වුණා.තවදුරටත් අදහස් දක්වන එම සංවිධානය පවසනුයේ රටවල් රැසක්ම මේ වන විට දැඩි සංචරණ සීමා හඳුන්වා දී ඇති නිසා වාර්තා වන කොවිඩ් 19 වෛරස ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව පහළ යමින් පවතින බවයි.
ආසාදිතයින් මිලියන 2ක් ඉකමවා වාර්තා වීමක් පසුගිය සතියේදී යුරෝපා කලාපයේ දක්නට ලැබුණා.පසුගිය දින 7 තුළදී පමණක් ආසාදිතයින් මිලියන 1.8ක් පමණ වාර්තා වුණා.වැඩිම ආසාදිත පිරිසක් වාර්තා වන්නෙ ඇමරිකානු කලාපයෙනි.
