Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

යුරෝපයේ ඇති විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන “Zaporizhzhia” බලාගාරය රුසියානු හමුදාව විසින් සිය පාලනයට ගෙන තිබේ.

රුසියානු ප්‍රහාර හේතුවෙන් මෙම න්‍යෂ්ටික බලාගාරය ආශ්‍රිතව ගින්නක්ද හටගත්තේය.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ඉන් හෝරා කිහිපයකට පසුව මෙලෙස බලාගාරයේ බලය රුසියාව සතුවී ඇති බවය.

විශේෂඥයින් අනතුරු අඟවන්නේ මෙම ගැටුම් හේතුවෙන් න්‍යෂ්ටික අනතුරකට මග පෑදීමේ අවස්ථාව ඇති බවය.

මේ අතර උපායමාර්ගික වශයෙන් වැදගත් දකුණුදිග යුක්‍රේන නගර ඉලක්ක කර එල්ලකරන ප්‍රහාර දැඩි කිරීමට රුසියාව පියවර ගෙන තිබේ.

යුක්‍රේන හමුදාවේ මුහුදු මාර්ග ආශ්‍රිත ක්‍රියාකාරකම් අවහිර කිරීම එහි අරමුණය.

කළු මුහුද ආශ්‍රිතව කර්සන් වරාය නගරය අත්පත් කර ගැනීමෙන් පසුව ඔවුන් මේ වනවිට මරියුපෝල් වරාය නගරය වෙත වැඩි අවධානය යොමුකර තිබේ.

රුසියානු හමුදා මේ වනවිට මරියුපෝල් නගරය වටලා ප්‍රබල ප්‍රහාර එල්ල කරමින් ඇති අතර ගැටුම් අතරතුර තුවාල ලැබූවන් විශාල පිරිසක් රෝහල් වෙත රැගෙන එමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Leave a Reply

Your email address will not be published.