Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

යේමනයේ ඒඩන් ගුවන්තොටුපළේ පිපිරීම් කිහිපයක් සිදුව තිබෙනවා.

ඉන් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයී වාර්තා වන්නේ.

යේමන නව රජයේ ඉහළ තනතුරු දරන පිරිසක් රැගත් ගුවන් යානයක් සෞදි අරාබියේ සිට පැමිණ සුළු වේලාවකින් පසු මෙම පිපිරීම සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් එම ගුවන් යානයෙන් පැමිණි නව රජයේ කැබිනට් මණ්ඩලය ඇතුළු පිරිසට ප්‍රහාරයෙන් හානියක් වී නැහැ.

ගුවන්තොටුපොළට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඒඩන් හී මාෂෙක් ජනාධිපති මන්දිරය අවට ප්‍රදේශයක තවත් පිපිරීමක් සිදුව තිබෙනවා.

මෙම පිපිරීම් සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු කරන ලද තොරතුරක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරයේ වගකීම කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැති බව ද යේමන බලධාරීන් සඳහන් කරනවා.

නමුත් මෙය බියගුලු සහ දේශද්‍රෝහී ත්‍රස්ත ප්‍රහාරයක් බවයි යේමන අග්‍රාමාත්‍ය මේන් අබ්දුල්මලික් සයීඩ් ප්‍රකාශ කළේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි පුවත්