Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ පුද්ගලික පොල් ඉඩමකින් මෙම දැවැන්ත යෝධ දළඹුවා හමුව ඇති බව එහි සේවක මහතෙකු පොල් ගස් නිරික්ෂණය කරමින් සිටියදී මෙම දළඹුවා දක්නට ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

දිගින් අඟල් 8-10ත් අතර, ප්‍රමාණයකින් යුක්ත වුවද ශරීරය හැකීලීමේ හා දිගහැරීමේ හැකියාවක් දළඹුවා තුළ දැක ගත හැකි බවයි ඔහු වැඩි දුරටත් පවසා සිටියේ.

ශරීරය පුරාව දිගට වැඩුන කෙදි ආකාරයේ විශේෂිතවූ ලොම් වලින් ගහන වූ මෙම දළඹුවාගේ මතුපිට සම පොළගෙකුගේ සිරුරට සමාන බවක් දක්නට ලැබෙන බවත්, හිස පෙදෙස තද වර්ණයෙන් යුත් දම් පැහැයක් ගන්නා අතර, බඩ පෙදෙස තද කළු සහ දුඹුරු මිශ්‍ර වර්ණයෙන් යුක්තව ඇති අතර, සමාන්තරව ඝනට වැඩුන පාද දක්නට ලැබේ.

ජනවහරේ පැවසෙන පරිදි වැඩිහිටියන් මෙම දළඹුවා පොළොන් දළඹුවා ලෙස හඳුන්වනු ලබන අතර, අධික විෂ සහිත වූ මෙම දළඹු විශේෂය මිනිස් සිරුරක ස්පර්ෂ වූවවොත් ක්ලාන්තය හෝ සිහිමුර්ජාවට ලක්වන බවද කියයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *