ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා අභාවප්‍රාප්ත වූ බවට සමාජ ජාලවල වාර්තා පැතිර යමින් තිබේ.
නමුත් කොළඹ ජාතික රෝහල සඳහන් කරන්නේ එම පුවත අසත්‍යයක් බවයි.
ඒ මහතා රෝගී තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේ වනවිටත් ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මොළය අභයන්තරයේ රුධිර ගැලීමක් හේතුවෙන් සරත් චන්ද්‍රසිරි මහතා රෝහල් ගත කළ බවයි.