Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බෝපත්තලාව රක්ෂිතයේ දර කැඩීමට ගිය තරුණයෙකු අතුරුදන්වී ඇති බව වාර්තා වනවා.

24 හැවිරිදි මෙම තරුණය දින තුනකට පෙර රක්ෂිතය වෙත ගොස් ඇති බවයි පොලීසිය කියා සිටියේ.

පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන්වූ තරුණයා සොයා මෙහෙයුම් දියත් කර තිබෙනවා.

මෙසේ අතුරුදහන් වි ඇත්තේ බගවන්තලාව පොලිස් වසමට අයත් ලින්ස්ටඩ් තේ වත්තේ ඉහල කොටසේ පදිංචි තිරුචෙල්වම් ප්‍රභාකරන් නැමති (26) හැවිරිදි තරුණයෙකි.

අතුරුදහන් වි ඇති තරුණයා නිතර නිතර දර කැඩීමට එම රක්ෂිතය තුළට පිවිසෙන බවත්, අතුරුදහන් වු තරුණයා ඔහුගේ ජංගම දුරකථනයද දර කැඩිමට යන අවස්ථාවේ රැගෙන ගොස් ඇති බවත්, එම ජංගම දුරකථනය මේ වන විට ක්‍රියා විරහිත වී ඇති බවත් පොලිසිය සඳහන් කළා.

අතුරුදහන් වු තරුණයා සම්බන්ධයෙන් ඔහුගේ ජංගම දුරකථනයෙන් ලබාගත් ඇමතුම් ඔස්සේ වෙනම පරික්ෂණයක් ආරම්භ කර ඇති බවද බගවන්තලාව පොලීසිය සඳහන් කළා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *