Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රජයේ නිලධාරීන් සමාජ මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ විනයානුකූලව කටයුතු කිරීමට හේතුවන වරදක් බව දක්වමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නෙගේ අත්සනින් යුතු චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

අදාල චක්‍රලේඛයේ දැක්වෙන්නේ ආයතන සංග්‍රහයේ දෙවැනි කාණ්ඩයේ XLVII වැනි පරිච්ඡේදය හය වන හා හත් වන වගන්තියෙන් දැක්වෙන විධි විධාන අනුගමනය නොකර රජයේ නිලධරයකු විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් දැක්වීම විනයානුකූලව කටයුතු කිරීමට හේතු වන වරදක් බවය.

තවද දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමට හිමිකම් නොමැති නිලධරයකු විසින් සිදු නොකළ යුතු බවට දක්වා ඇති ක්‍රියාවක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදුකිරීම ද විනයානුකූලව කටයුතු කිරීමට හේතුවන වරදක් බව අදාල චක්‍රලේඛයේ සඳහන් ව තිබේ.

එවැනි වරදවල් කරන නිලධරයන්ට එරෙහිව විනයානුකූලව ක්‍රියා මාර්ග ගත යුතු බව ද අදාළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

එම චක්‍රලේඛය පහත දැක්වේ.

WhatsApp Image 2022 09 27 at 21.43.50

Leave a Reply

Your email address will not be published. Required fields are marked *