Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ලිට්‍රෝ ගෑස් සමාගම තම බෙදාහැරීම දින පහක කාලයක් සඳහා තාවකාලිකව නවතා දමා තිබේ.

ඊට හේතු වී ඇත්තේ අද සිට 17 වැනි දින දක්වා මුතුරාජවෙල පිහිටි ගෑස් ගබඩා පර්යන්තය තාවකාලිකව වසා දැමීමයි.

ලිට්‍රෝ සමාගමේ අදාළ ගෑස් ගබඩා පර්යන්තය නැවත විවෘත කෙරෙන්නේ අප්‍රේල් 18 වැනි දා යි.

ගෑස් මිල වැඩි කිරීමට අවස්ථා ගණනාවකදී අවසර ඉල්ලුව ද දිගින් දිගටම ගෑස් මිල වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශය අවසර ලබා නොදීම සහ ගෑස් සපයනු ලබන සමාගම් වෙත හිඟව තිබෙන ඩොලර් මිලියන 10ක මුදල ගෙවන තෙක් ඔවුන් ගෑස් සැපයීම අත්හිටුවා ඇති බවටයි වාර්තා වන්නේ.

මේ අතර රට පුරා තවමත් ගෑස් හිඟයක් පවතින බව බොහෝ ප්‍රදේශවලින් වාර්තා වේ.

ඇතැමුන් දින කිහිපයක් තිස්සේ ගෑස් පෝලිම්වල රැඳී සිටින අතර ප‍්‍රදේශ ගණනාවක විරෝධතා ද පැවැත්වින.

කෙසේ වෙතත් ලිට්‍රෝ ගෑස් නැවතත් තම මෙහෙයුම් කටයුතු ආරම්භ එළඹෙන 18වැනිදාය.

මේ අතර සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයට පෙර හිගයකින් තොරව ගෑස් ලබාදීමට රජයේ මැති ඇමතිවරුන් 50කගේ සහභාගීත්වයෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවට විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එවකට ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වූ මහින්දානන්ද අලුත්ගමගේ සහතික වුවද අද වනවිට උද්ගත වී ඇති තත්වය මෙයයි.

රජය වනුවෙන් මෙලෙස පොරොන්දුවක් දුන් අමාත්‍ය අලුත්ගමගේ නියෝජනය කරන මහනුවර දිස්ත්‍රිත්කයේ මේ අර්බුදය අතිශයින් උග්‍රව පවතින අතර එම තත්ත්වය තුළ ජනතාව තවමත් කායික සහ මානසික පීඩනයට ලක්ව සිටිති.

අමාත්‍ය අලුතගමගේ සඳහන් කළේ ගෑස් ලබා ගැනීම සඳහා ඩොලර් වෙන් කිරීමට රජය කටයුතු කරන්නේ එක නැවකින් රුපියල් මිලියන ගණනක පාඩුවක් ද සිදු කරගෙන බවය.

නියමිත වෙලාවට ජනතාවට කරදරයකින් තොර ගෑස් ලබා ගැනීමට උත්සව සමයේදී අවස්ථාව ලබා දෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දි ඇති බව ඔහු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙදී පැවති විශේෂ මාධ්‍ය හමුවකට පැමිණ සඳහන් කළේය.

මෙම ගෑස් අධීක්ෂණ ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමට සෑම දිස්ත්‍රික්කයකම නියෝජනය වන පරිදි අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරු 50කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි කරගෙන විශේෂ වැඩපිළිවෙළක් සකසන බවද සඳහන් කරමින් ඔහු මීට සති දෙකකට පමණ පෙර පැවසූයේ එබැවින් අලුත් අවුරුදු සමයේ ගෑස් හිගයක් පිළිබඳව බියක් ඇති කර නොගත යුතු බවය.

අමාත්‍යවරයාගේ මෙන්ම රජයේ මෙම ප්‍රකාශ තවදුරටත් වලංගු නැත. ගම්පහ දිස්ත්‍රික්කයේ ගෑස් අලෙවිසල්වල ගෑස් නැත. රටේ සෑම දිස්ත්‍රික්කයකම ගෑස් කඩ ඉදිරිපිට ගෑස් පෝලීම්ය.

Leave a Reply

Your email address will not be published.