Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඇඳිරි නීතිය දැමු පමණින් හෝ රට වසා දැමු පමණින් කොරෝනා ආසාදිතයන් හෝ මරණ අඩු නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි විධායක සභික ප‍්‍රසාද් කොළඹගේ මහතා පෙන්වා දෙන්නේ සංචරණ සීමා රැකගැනීම ජනතාවගේ ද ඉහළ වගකීමක් බවයි.

රට වසා දැමීම සහ සංචරණ සීමා කිරීම දෙකක් බවත් රට වසා දැමීම වැදගත් නමුත් ඉන් සංචරණ සීමා නොවන්නේ නම් එම ලොක්ඩවුන් කිරීමෙන් ඵලක් නැති බව ද ඒ මහතා කියා සිටියි.

ලොක්ඩවුන් කිරීමක් හරහා සංචාරන 90%ක් වත් සීමා විය යුතු බවද ඔහු පෙන්වා දෙයි. දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය පැනවීම තුළ ද ඇතැම් ප්‍රදේශවල ද බලාපොරොත්තු වන සංචරණ සීමා කිරීම සිදු වුවද තවත් ප්‍රදේශවල එය සිදු නොවන බවද ඔහු පැවසීය.

මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධ තීරණය හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියාසිටියේ කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙන අතර එහිදී මෙම තීරණය ගැනීමට නියමිත බවයි.

කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පණවනු ලැබුවේ පසුගිය අගෝස්තු 20 වැනිදායි.

එය අවසන්වීමට නියමිතව ඇත්තේ ලබන සඳුදා අලුයම 04 ටයි.

මේ අතර,පවතින ලොක් ඩවුන් තත්ත්වය තවත් සති දෙකක් දක්වා දීර්ඝ කළ යුතු බවප්‍රථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ COVID-19 රෝග පාලන රාජ්‍ය අමාත්‍ය (ආචාර්ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

අවසන් තීරණය COVID-19 කාර්ය සාධක බලකාය සතුව පැවතුනද, ඇගේ පෞද්ගලික අදහස නම් COVID-19 රෝගීන්ගේ වැඩිවීම සැලකිල්ලට ගෙන එය තවත් සති දෙකක් දක්වා දීර්ඝ කළ යුතු බවයි ඊයේ (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ.

දෛනිකව රෝගීන් 5,000 ක් පමණ වාර්තා වන අතර, ඩෙල්ටා ප්‍රභේදය වන COVID-19 ව්‍යාප්ත වීමත් සමඟ රෝගීන් 50,000 කට වැඩි සංඛ්‍යාවක් ධනාත්මක බව තහවුරු කර ගත හැකි බව ද ඇය වැඩිදුරටත් පැවසුවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *