Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඉදිරි සතියේ දී යම් යම් සීමාවන්ට යටත්ව ඇඳිරි නීතිය ඉවත් කොට රට විවෘත කිරීමේ හැකියාව ඇති බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් එළඹෙන සිකුරාදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කෙරෝනා පැතිරීම වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධන බලකායේදී ගන්නා බව ඔහු පවසයි.

රට විවෘත කරන ආකාරය ගැන නිර්දේශය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ජනාධිපතිවරයාට මේ සතිය තුළ බාරදෙන බව ද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය. ඒ අනුව එම නිර්දේශ වලට අනුකූලව රට විවෘත කෙරෙන බව ඔහු පවසයි.

රට විවෘත කළ ද පළාත් අතර සංචරණ සීමා තවදුරටත් පවත්වාගෙන යන බව හමුදාපතිවරයා පැවසීය .

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *