Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පාතාල නායකයෙකු වූ රණාලේ සමයංගේ ප්‍රධාන ගෝලයෙකු ලෙස සැලකෙන කප්පම් සහ මිනිස් ඝාතන රැසකට චෝදනා ලැබ සිටින ඌරු ජුවා හෙවත් දිනිති මෙලන් මාඹුල පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔහු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, නවගමුව වඳුරම්මුල්ල ප්‍රදේශයේදීය.

පොලිසිය පවසන පරිදි පොලිස් අත්අඩංගුවට පත්ව සිටි ඌරු ජුවා, රණාලේ සමයංට අයත්ව තිබූ බව කියන වඳුරම්මුල්ලේ පිහිටි පාළු ගෙයක් පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරීන් පිරිසක් සමග ගොස් තිබිණි.

එහි තිබී අත්බෝම්බ 5ක් සොයාගෙන ඇති අතර 6 වන අත්බෝම්බය රැගෙන පොලිස් නිලධාරීන්ට එල්ල කිරීමට උත්සහ කළ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් ඌරු ජුවාට වෙඩි තබා ඇත.

ඔහු එහිදී ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පවසයි.

පසුව කළ සෝදිසි මෙහෙයුමකදී අදාළ පාළු නිවසේ තිබී ගල් කටස් තුවක්කු කිහිපයක් සහ කඩු 3ක් සොයා ගත් බව පොලිසිය කියයි.

ඌරු ජුවා හෙවත් දිනිති මෙලන් මාඹුල 1994 වසරේදී උපත ලබා ඇති අතර වයස අවුරුදු 27ක පසු විය.

ඌරුජුවා දැඩි ලෙස කෝපයට පත්වන චරිතයකි. මොහුට නිතරම ඌරුජුවල් යන නිසා ඌරුජුවා යනුවෙන් කාලයක පටන් හිතවතුන් හඳුන්වනු ලැබූහ. දිනිත් මෙලාන් මාබුල ඌරුජුවා වූයේ ඒ ආකාරයටය.

රණාලේ සමයං ඝාතනයට ලක්වීමෙන් පසු කඩුවෙල, නවගමුව, අතුරුගිරිය, මාලඹේ ඇතුළු ප්‍රදේශ ගණනාවක ව්‍යාපාරිකයන්ගෙන්, ධනවත් පුද්ගලයන්ගෙන්, ව්‍යාපාරික ස්ථානවලින් කප්පම් ලබා ගැනීමට ඌරුජුවා කටයුතු කර තිබූ අතර දිගුකලක්  සිරගතව සිටි අයෙකි.

ඔහු දිගින් දිගටම පාතාල කටයුතු වල නියැළුණ බව කියැවේ. පාතාල කල්ලි අතර ගැටුම් නිසා ඔහු හා ගෝලයින් විසින් මනුෂ්‍ය ඝාතන කිහිපයක් සිදු කර ඇති බවට ද තෙරතුරු පැවතිණි.

කප්පම් ගැනීම් සහ පුද්ගල ඝාතන හේතුවෙන් ඔහු කඩුවෙල, නවගමුව, රණාල, ඇඹුල්ගම, දැඩිගමුව, ජල්තර ඇතුළු ප්‍රදේශ රැසක ජනතාවට හිසරදයක් වී තිබුණු බව පොලිසිය පවසයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *