Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රත්නපුර ප්‍රදේශයේ කුඩා මැණික් කෞතුකාගාරයක් ආරම්භ කිරීම සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් වැය කෙරුණු රුපියල් ලක්ෂ හතළිහකට ආසන්න මුදලක් අපතේ ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම කුඩා මැණික් කෞතුකාගාරය ආරම්භ කිරීම සඳහා වර්ග අඩි 266.5ක ශාලාවක් වෙන්කර නව මිලදී ගැනීම් සහ අලුත්වැඩියා සඳහා 2016 – 2019 අතර කාලයේදී රුපියල් 21 ලක්ෂයකට වැඩි මුදලක් වැය කර තිබූ බවත් උපකරණ මිලදී ගැනීම සඳහා ද තවත් ලක්ෂ 15 ක පමණ මුදලක් වැය කර ඇති බවත් විගණන කාර්යාලයේ වාර්තාවක සඳහන් වෙයි.

එම කෞතුකාගාරය 2020 වර්ෂයේදී වෙනත් ස්ථානයක ස්ථාපනය කිරීම නිසා ඉහත සඳහන් කළ මුදල අපතේ ගොස් ඇති බව විගණන නිලධාරීහු පවසති.

මේ පිළිබඳ තොරතුරු ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ 2020 වාර්ෂික වාර්තාවේ ද සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published.