Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රන්න, වාඩිගල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් කොරෝනා ආසාදිතයින් දස දෙනෙකු අද (20) උදෑසන වන විට වාර්තා වී තිබෙන බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

ඉකුත් 17 වන දා එම ආයතනයෙන් ආසාදිතයින් සිව් දෙනෙකු වාර්තා වී තිබේ.

එදින සිට අද උදෑසන වන තෙක් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 10 කි.

හඳුනාගත් ආසාදිතයින් තංගල්ල, වැටිය, අඟුණුකොළපැලැස්ස, නෙටොල්පිටිය, සිටිනාමළුව, නිහිළුව, දෙබොක්කාව, ඇඹිලිපිටිය, වැලිගම සහ නුගේගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.

හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දීපිකා පටබැඳිගේ මහත්මියගේ උපදෙස් පරිදි මේ වන විට ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා නිරෝධායනයට යොමු කරන අතර ඇඟලුම් කම්හලේ සේවකයන් සඳහා තවදුරටත් ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සහ පී. සී. ආර්. පරීක්ෂණ සිදු කරමින් පවතී.

අදාළ කර්මාන්ත ශාලාව මේ වන විට තාවකාලිකව වසා දමා තිබේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *