පසුගිය දා සපුගස්කන්ද ප්රදේශයේ දී ගමන් බෑගයක තිබී හමුවු කාන්තා මළ සිරුරේ සිද්ධියට සම්බන්ධ ප්රධාන සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, එම පුද්ගලයා ව වැල්ලම්පිටිය ප්රදේශයේ නිවසක සැඟව සිටිය දී අත්අඩංගුවට ගත් බවය.
පසුගිය නොවැම්බර් මස 4 වන දින සපුගස්කන්ද, මාබිම ප්රදේශයේ මාර්ගය අසල කැලි කසල ගොඩ ගසා තිබූ ස්ථානයක ගමන් බෑගයක් තුළ දමා ගොස් තිබු එම කාන්තා මළ සිරුර සොයා ගැනුණි.
එලෙස මියගිය ගොස් ඇත්තේ, 42 හැවිරිදි මොහොමඩ් සාෂි ෆාතිමා මුම්ටාස් නැමැති කාන්තාවකගේ බවට අනාවරණය විය.
කොළඹ 10, රම්සා පෙදෙස, මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකාරිණියක් වූ ඇය සූදුවට ඇබ්බැහිවූ කාන්තාවක් බව පොලීසිය පැවසීය. එම කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අඹුසැමි යුවළක් පසුගිය 6 වනදා අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගැනුණු සැකකාර යුවළගෙන් සිදුකළ ප්රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, සිය සොහොයුරෙකු ද සමග එක්ව සමිට්පුර ප්රදේශයේ තම නිවසට ගෙන ගිය ෆාතිමා ව ගෙල සිරකර, හිසට පොල්ලකින් පහර දී ඝාතනය කර ඇති බවය.
පසුව මළ සිරුර ගමන් බෑගයක බහා, පසුගිය 29 වනදා ලොරි රථයකින් රැගෙන ගොස් අතරමඟ දී ත්රීරෝද රථයකට මාරුකර සපුගස්කන්ද මාබිම මාර්ගයේ කසළ ගොඩකට දැමූ බවද සැකකාර යුවළ අනාවරණ කර ඇත.
ඝාතනයට සම්බන්ධ වූ සෙසු පුද්ගලයා ෆාතිමාගේ රන් ආභරණ සහ මුදල් රැගෙන ප්රදේශයෙන් පළාගොස් සිටියේය.