Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රඹුක්කන ඊරියගොල්ල පදිංචි කොරෝනා ආසාදිත කාන්තාවක් ගම් කිහිපයක සංචාරය කර ඇති නිසා ග්‍රාම සේවා වසම් 03ක ගම් 07ක් හුදකළා කළ බව රඹුක්කන පොලීසිය පවසනවා.

මෙසේ හුදෙකලා කර ඇත්තේ වල්කොටුව, වත්තගම, කිරිවල්ලාපිටියගම, අලවත්ත. බොරලුව, පීලීකුඹූර, ඇඹූල්අඹේගම යන ගම් වනවා.

මෙහි පවුල් 600 ක නිවැසියන් 2,400 ක් පමණ ජීවත්වනවා.

මෙම ආසාදිත වු කාන්තාව නිට්ටඹුව කලගෙඩිහේන ප්‍රදේශයේ ඇගලුම් කම්හලක සේවය කළ අයෙක්.

ඇයට 14දා කෑගල්ල රෝහල මගින් කළ PCR පරීක්ෂණයකදී කොරෝනා ආසාදිතයෙක් බවට තහවුරු වී තිබෙනවා.

ආසාදිත කාන්තාව කාත්තන්කුඩි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකර තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *