Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රඹුක්කන දොඹේමැද ප්‍රදේශයේ නාය යාමක් හේතුවෙන් නිවසක් මතට පස් කන්දක් කඩා වැටී තිබෙනවා.

පුද්ගලයින් තිදෙනෙකු එහිදී ජීවිතක්ෂයට පත්ව ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කර තිබෙනවා.

අධික වර්ෂාවත් සමග මෙම නාය යෑම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මිය ගිය මවගේ වයස අවුරුදු 36ක් වන අතර අවුරුදු 8ක ඇගේ දියණිය සහ රාජාංගණයේ සිට පැමිණි 13 හැවිරිදි ඥාති දියණියක මෙලෙස මිය ගොස් ඇති බවයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

බරපතළ තුවාල ලැබූ පියාගේ වයස අවුරුදු 40ක්.

Leave a Reply

Your email address will not be published.