Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

තමන් ද ජනතා අරගලයට එක්වන බව වත්මන් රජය බලයට ගෙන ඒම වෙනුවෙන් කටයුතු කළ ප්‍රවීණ රංගන ශිල්පියකු වන රවීන්ද්‍ර රන්දෙනිය මහතා පවසයි.

ඔහු සිය බිරිඳ වන ප්‍රීති රන්දෙනිය මහත්මියගේ ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත. ඔහු පලකල සටහන පහතින්,

අපි බලපොරොත්තු තැබූයෙමු. එහෙත් ඒ බලාපොරොත්තු බොඳ විණි. රට දිනෙන් දින අර්බුදයෙන් අර්බුදයට ඇද වැටිණි. මේ අර්බුදයෙන් රට ගොඩ ගන්නට පාලකයන් සතුව සැලසුමක් හෝ දුර දැක්මක් නොවිණි. ඔවුන් අනුගමනය කළේ පරිහානියේ පිළිවෙත් මිස අපරිහානියේ පිළිවෙත් නොවේ..රටත් ජනතාවත් දිනෙන් දින පීඩාවට පත්විණි. විපතට පත්විණි. ඉවසා සිටින්නට බැරි තැන ජන අරගලය පැන නැගිණි. දුක් පීඩා නැති, සුපිළිපන් දේශයක් වෙනුවෙන්, අවිහිංසාව සහ ආදරය පැතිරුණු සකලවිධ ⁣⁣භේදවලින් තොර රටක් වෙනුවෙන් නැගුණු ජනතා හඬ සමග අපිදු නැගී සිටිමු. ජන හඬට එක්වෙමු. අරගලයට සහය දෙමු .

– රවීන්ද්‍ර රන්දෙනිය

තැබූ බලාපොරොත්තු බොඳ වෙමින් රට දිනෙන් දින අර්බුදයට ඇද වැටුණු බව ද ඔහු සටහන් කර තිබේ.

මේ අතර ‘ආයුබෝ වේවා මහරජාණෙනි’ ගීතය ලිවීම සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලා සිටින බව ගී පද රචක සුනිල් ආර් ගමගේ මහතා සඳහන් කර ඇත. ගාළු මුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතාවයට පැමිණ ඔහු මේ බව පවසා තිබේ. එම ගීතය ගායනා කළ සහේලි ගමගේ මහත්මියද ගීතය ගැයීම පිළිබඳව ෆේස් බුක් ගිණුම ඔස්සේ ලිපියක් පල කරමින් ජනතාවගෙන් සමාව ඉල්ලා ඇත.

අදාළ ලිපිය පහතින්,

277814500 5242924802424879 1582632832798678791 n

Leave a Reply

Your email address will not be published.