Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා ඇතුළු 6 දෙනාට ඇප ලබා ලබාදීමට අද (01) කොළඹ මහාධිකරණය තීන්දු කළේය.

අමල් රණරාජා, නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය කරනු ලැබීය.

ඒ අනුව එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින්වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන බව ද නියෝග කළේය.

2016 මාර්තු 31 සිදු වූ බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් රවී කරුණානායක මහතා ඇතුළු පිරිස මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *