Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

හබරණ ප්‍රදේශයේ දින 6ක නිවාඩුවක් ගත කරමින් සිටි එක්සත් ජාතික පක්ෂෙයේ උතුරු කොළඹ සංවිධායක රවී කරුණානායක හදිසියේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

ඒ, කකුලේ විෂබීජයක් ආසාදනය වීම හේතුවෙනි. මේ වන විට ඔහු කොළඹ පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර ලබමින් සිටී.

පසුගිය 19 වැනිදාට රවී කරුණානායක ගේ උපන් දිනය යෙදී තිබුණ අතර, ඒ වෙනුවෙන් උතුරු කොළඹ නාගරික මන්ත්‍රිවරුන් 22 දා කොටහේනේ පරමානන්ද විහාරයේ බෝධි පූජා පින්කමක් සංවිධානය කර තිබුණි.

නමුත් රෝගී තත්ත්වය හේතුවෙන් රවි ට ඊට සහභාගී වීමට නොහැකි වූ අතර රවි වෙනුවෙන් ඔහුගේ වැඩිමහලු දියණිය වන ඔනෙලා පින් කමට සහභාගී වී ඇත.

Leave a Reply

Your email address will not be published.