Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් තමන් රඳවා සිටින සිර මැදිරියට විදුලි පංකාවක් ලබා දෙන ලෙස මැගසින් බන්ධනාගාරයෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇති බවට වාර්තා වනවා. 

ඔහු රඳවා සිටින්නේ එම බන්ධනාගාරයේ විශේෂ ඝණයේ රැඳවියන් රඳවා සිටින වාට්ටුවේ වෙනම සිර මැදිරියකයි.

එම සිර මැදිරිය තුළ රස්නය වැඩි බවත්, සෞඛ්‍ය හේතුන් මත විදුලි පංකාවක් ලබා දෙන ලෙසත් මන්ත්‍රීවරයා එම ලිපියෙන් ඉල්ලා ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. 

කෙසේ වෙතත් ඔහුට විදුලි පංකාවක් ලබා දෙන ලෙසට බන්ධනාගාර වෛද්‍යවරුන් නිර්දේශ කර නැහැ.

එමෙන්ම බන්ධනාගාරය තුළ විනය විරෝධී ක්‍රියාවන්වල නිරතව වු රැඳවියන්ට කිසිදු පහසුකමක් ඉල්ලීමට අවස්ථාව හිමි වන්නේ ද නැහැ.

මේ හේතුවෙන් ඔහුට විදුලි පංකාවක් ලබා නොදෙනු ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. 

මැගසින් බන්ධනාගාරයේ දී වෛද්‍යවරයකුගේ රාජකාරියට බාධා කිරීම සහ රඳවා සිටින සිර මැදිරිය තුළ ජංගම දුරකතනයක් භාවිත කිරීම යන වැරදි සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා චෝදනාවට ලක්ව සිටිනවා. 

ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඔහුට එරෙහිව බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවේ නඩු පැවරීමට ද නියමිතයි.

Sharing is caring!

2 Comments

  • Lalith Asoka, 2021-09-15 @ 8:21 AM Reply

    මූට දෙන්න ඕන විදුලිපංකා නොව වස. කාලකණ්ණි අන්තවාදියා

  • 3rd class වැසියෙක්, 2021-09-15 @ 9:11 AM Reply

    ඇඟට භූමිතෙල් ටිකක් දාගෙන ගිණිකූරක් ගහ ගත්ත නම් රස්නෙ නැති වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *