Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රසායනික පොහොර තහනම සංශෝධනය කරමින් රසායනික පොහොර ආනයනයේදී යම්කිසි නිදහසක් ලබාදී තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා ප්‍රකාශ කර තිබේ.

අද (03) දින පැවති පාර්ලිමේන්තු සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ දීර්ඝ කාලීන රසායනික පොහොර භාවිතය හේතුවෙන් ඇතැම් අංශ සඳහා එක්වරම කාබනික පොහොර භාවිතයට යොමු විය නොහැකි බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි.

අපි ආණ්ඩුවක් ලෙස යහපත් චේතනාවෙන් සමස්ථ ජනතාව විනාශ වෙන්න යන එක බලාගෙන අපි රසායනික පොහොර ගෙන එන එක නවත්වලා කාබනික කෘෂිකර්මයට හැරෙමු කියන යෝජනාව ජනාධිපතිවරයා ගෙනත් හොදින් ක්‍රියාත්මක වෙමින් යනවා. ඒ අතර අපිට පේනවා යම් යම් අංශ තිබෙනවා ක්ෂණිකව අපිට කාබනික පැත්තට හැරෙන්න බැරිවෙයි. ඒ නිසා යම්කිසි අංශ වලට යම්කිසි නිදහසක් ලබා දීලා තිබෙනවා යම් ‌පොහොර ප්‍රමාණයක් ආනයනය කිරීමේ හැකියාවක් තිබෙනවාද කියලා බලන්න.

එම මහතා ප්‍රකාශ කළේ ය.

එමෙන්ම රජයක් විසින් ගනු ලබන තීරණ සරල රේඛාවක් ලෙස ක්‍රියාත්මක කිරීමට නොහැකි බවත් විවිධ අවස්ථාවන්හි මතුවෙන්නා වූ ගැටලු මත පදනම්ව තීරණයන්හි වෙනස්කම් කිරීමට සිදු වන බවත් ඒ මහතා පැවසීය.

අද මේක විවේචනයට ලක්වෙනවා. මේක ජනාධිපතිවරයා කිසිසේත් මේක කරන්නේ නෑ කිව්වට මෙහෙම ඇතැම් අංශ වලට නිදහස් කරලා තිබෙනවා කියලා කියනවා. නිසි ආර්ථිකයක් තුල අපි ගත්ත තීරණ සරල රේඛාවක යන්න බෑ. පරිසරය වෙනස් වෙනවා. ඕනෑම කළමණාකරණ තීරණයක් ගන්නා විට අපි මුහුණ දීලා තිබෙන පරිසරය විශ්ලේෂණය කරන්න වෙනවා. ඒ නිසා පාරසරික වෙනස්කම් වන විට අපි ගත් ඇතැම් තීරණ වෙනස් කරන්න වෙනවා.

ඒ අනූව, එළඹෙන මහ කන්නයේ වගා කටයුතු සඳහා නයිට්‍රජන් නිස්සාරක සහ පොටෑසියම් ආනයනය සඳහා අවසර ලබාදෙමින් ගැසට් පත්‍රයක් නිකුත්කර තිබේ.

ආනයන අපනයන දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර ඇති එම ගැසට් පත්‍රය අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ පොහොර ලේකම් කාර්යාලයේ නිර්දේශය මත එම ද්‍රව්‍ය ආනයනයට අවසර ලබාදී ඇත.  

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *