Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

වහාම ක්‍රියාත්මක වන පරිදි සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.

ජනාධිපතිවරයා සතු බලතල මත එම පියවර ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.

ආණ්ඩුව අභ්‍යන්තරයේ සිට ආණ්ඩුවේ ක්‍රියාමාර්ග විවේඡනය කරන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වැනි පුද්ගලයින් ඕනෑම අවස්ථාවකදී අමාත්‍ය ධුරවලින් කිරීමට තමාට ඕනෑම අවස්ථාවක බලය ඇතැයි ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ ඊයේ (03) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදි දැඩි ආවේගයෙන් යුතුව ප්‍රකාශ කර තිබිණ.

සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍යවරයා විසින් පසුගිය දා සිදුකර තිබු ආණ්ඩු විරෝධී විවේචනය පිලිබදව ද මෙහිදී ජනාධිපතිවරයාගේ දැඩි ලෙස අප්‍රසාදය පළ කර තිබිණ.

ආහාර අර්බුදයට අදාල විෂයභාර ඇමැතිවරුන් සහ ප්‍රතිපත්තිමය තීන්දු ගත් පුද්ගලයන් වගකිව යුතු බවටත්, රටේ මුහුණ සිටින බරපතල අර්බුදයන්ට විසඳුම් දිය හැකි කාලය ඉක්මවා ගොස් ඇති බවත් දැන් මේවාට විසඳුම් දිය හැක්කේ වෙනත් කණ්ඩායමකට බවටත් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පසුගියදා අවධාරණය කර සිටියේය.

බඩු මිල වැඩි වීමට වෙළෙඳ ඇමැති කෘෂිකර්ම ඇමැති, ආහාර ඇමැති වගකිවයුතු බව පැවසූ ප්‍රේමජයන්ත, කෘෂිකර්ම ඇමැති සම්පූර්ණයෙන්ම “ෆේල්” බවද ප්‍රකාශ කළේය.

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත විසින් සිදුකළ එම ප්‍රකාශයන් සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන හා මහින්දාන්නද අලුත්ගමගේ යන අමාත්‍යවරුන් දෙදෙනා ජනාධිපතිවරයාට පැමිණිලි කර තිබී ඇත.

ජනාධිපතිවරයා දැඩි ආවේගයෙන් යුතුව සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා ඉලක්ක කර ගනිමින් ඉහත ප්‍රකාශය කර ඇත්තේ ඉන් අනතුරුවය.

2022-01-04-news

1 Comment

  • Kanchana Lakmali, 2022-01-04 @ 2:19 PM Reply

    කිසිම කෙනෙක්ට මේ රජය විවේචනයට ලක්කරන්න බැ…යන්තන් දෙයක් කිව්වනම් ඉවරයි…
    එදා දිපු චන්දය ගැන පුදුමාකාර දුකක් දැනෙන්නේ …දවසක් එවී… ආන් එදාට මේ රජයට තේරෙවි…මේ කරන ගොන් වැඩ ගැන..

Leave a Reply

Your email address will not be published.