Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ කොටුව, නාරම්මල හා කටුපොත යන ප්‍රදේශවල රාජ්‍ය බැංකු නිලධාරීන් 55 කට කොවිඩ් ආසාදනය වී නව කොවිඩ් පොකුරක් ආරම්භව ඇතැයි කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ, කොළඹ කොටුව ප්‍රදේශයේ රජයේ බැංකුවක නිලධාරීන් 300කට පමණ කළ පී.සී.ආර්. පරීක්ෂණවලදී ඉන් 35 කටත්, කටුපොත සහ නාරම්මල රාජ්‍ය බැංකු දෙකක නිලධාරීන් විස්සකට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වීම නිසායි.

මේ හෙතුවෙන් කටුපොත සහ නාරම්මල රාජ්‍ය බැංකු ඊයේ (19 වැනිදා) සිට වසා ඇති බවද පොලිසිය පවසයි.

තවද, කෑගල්ල රාජ්‍ය බැංකුවක ප්‍රධාන ශාඛාවේ සේවක මණ්ඩලයේ තිදෙනකු හා එක් අයකුගේ බිරිඳ කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමත් සමග ප්‍රධාන ශාඛාව තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති අතර බැංකු කාර්ය මණ්ඩල සාමාජිකයන් 40ක් හා ඔවුන්ගේ පවුල්වල අය ස්වයං නිරෝධායනයට යොමු කළ බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ පවසයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *