Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රජයේ මුදල් අවභාවිතා කළ බවට ෆින්ලන්ත අග්‍රාමාත්‍ය සන්නා මැරින් මහත්මියට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

අග්‍රාමාත්‍යවරිය විසින් සිය පවුලේ සාමාජිකයන් සමග අග්‍රාමාත්‍ය නිළ නිවසේදී ලබාගන්නා උදෑසන ආහාර වේල සඳහා වැය වන මුදල රජයේ ගිණුම් හරහා නැවත ලබා ගැනීමට උත්සාහ දරා තිබෙනවා.

එසේ ඉල්ලා ඇති මුදල මාසයකට යුරෝ 300 ක් වන අතර මේ සම්බන්ධයෙන් අගමැතිවරිය පවසා ඇත්තේ එය ක්‍රියාව නීතිවිරෝධී ක්‍රියාවක් නොවන බවයි.

එසේම තමන්ට පෙර සිටි අගමැතිවරුන්ද මෙම වරප්‍රසාදය ලබාගෙන ඇති බව ඇය පවසා තිබෙනවා.

තමන් මෙම දීමනාව ඉල්ලා නොසිටි බවත් එම දීමනාව ගෙවීම පිළිබඳව තීරණය කිරීම සඳහා මැදිහත් නොවූ බවත් අගමැතිවරිය ට්විටර් පණවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

කෙසේ ‍නමුත් එරට නීති විශාරදයන් පවසන්නේ අගමැතිවරිය විසින් සිදුකළ මෙවැනි ගෙවීම් රජයේ ගිණුම් හරහා යළි ප්‍රතිපූර්ණය කිරීමේ හැකියාවක් ෆින්ලන්ත ව්‍යවස්ථාවට අනුව නොමැති බවයි.

ඒ අනුව අගමැතිවරියගේ ක්‍රියාව සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *