Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (14) දිනයේ සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40ත් 50ත් අතර දක්වා වැඩි විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *