මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්වේ අවසන් තරගයෙන් ශ්‍රී ලංකා බලාපොරොත්තුව වූ යුපුන් අබේකෝන් මීට සුළු මොහොතකට පෙර එම ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමවත්ව තිබේ.
එම තරගය නිමකිරීම සඳහා ගතවූ කාලය තත්පර 10.14කි.
පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලක මීටර් 100 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කමක් දිනාගත් ලැබූ පළමු ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයා ලෙස යුපුන් අබේකෝන් ඉතිහාස ගත වෙයි. එමෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලක මීටර් 100 ධාවන ඉසව්වකදී පදක්කමක් ලබාගත් පළමු ආසියානු ධාවකයා වන්නේ ද යුපුන්.
යුපුන්ගේ ඉසව්ව අවසන් වී මොහොතක් ගත වන්නට මත්තෙන් Men’s Discus Throw F42-44/61-64 ඉසව්ව නියෝජනය කළ පාලිත එම ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කම හිමිකර දීමට සමත්විය.
Video- Yupun Abeykoon wins the Bronze medal in the men's 100 metres final at the Commonwealth Games with a timing of 10.14 s.
Congratulations 🇱🇰🙏#LKA #SriLanka #CommonwealthGames2022 #YupunAbeykoon #100m pic.twitter.com/s6lFSdK6TE— Ceylon News Factory 🇱🇰 (@CeylonNewsFact) August 3, 2022