Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දැනට භාවිත කරන රියදුරු බලපත්‍රය වෙනුවට ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

ඒ අනුව දැනට පවතින චිප් සහිත රියදුරු බලපත්‍රය වෙනුවට QR කේතයක් සහිත ඩිජිටල් රියදුරු බලපත්‍රයක් ඉදිරියේ දී හඳුන්වා දීමට නියමිතය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, “රියදුරු බලපත්‍ර ප්‍රශ්නය මීට පෙර ඉඳලා පැවතුන ප්‍රශ්නයක් දැන් ඒක උග්‍ර වෙලා තියෙනවා.

විදේශ විනිමය අර්බුදය නිසා මුද්‍රණය සඳහා අවශ්‍ය කඩදාසි ලබාගැනීම පිළිබඳ ගැටලුව.

එය මේ වර්ෂය තුළ දී විසඳීමට බලාපොරොත්තු වන අතර මම ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා යෝජනාවක් චිප් එක දාන රියදුරු බලපත්‍රය වෙනුවට QR කෝඩ් එකක් තියෙන නවීන තාක්ෂණයෙන් යුත් ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් මම ඉදිරිපත් කළා.

කැබිනට් මණ්ඩලය උපදෙස් දුන්නා ඒ පිළිබඳ අදාළ තොරතුරු තාක්ෂණික අංශවල හා වෙනත් විද්වත් කමිටුවලට ඒ ටික යොමු කරලා ඒ ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ දී ඇති විය හැකි තත්ත්වයන් පිළිබඳ පුළුල් අධ්‍යයනයක් කරලා මේ චිප් ක්‍රමය වෙනුවට නවීන ඩිජිටල් තාක්ෂණයෙන් යුත් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *