Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද දින උදැසන බෙලිඅත්ත සිට පැමිණී රුහුණු කුමාරී සීඝ්‍රගාමී දුම්රිය ධාවනය අවසන් කොට නැවත දුම්රිය අංගනය වෙත ගමන් කිරීමේ දී අංගනයෙන් ඉවතට ධාවනය වී ඇත.

එම නිසා අසල තිබූ දුම්රිය රියදුරුකුගේ නිල නිවසයකට හානී සිදුව ඇත.

දෙමටගොඩ දුම්රිය අංගනයේ ධාවනය වූ රුහුණු කුමාරි දුම්රිය එහි පැරණි ගොඩනැගිල්ලකට කඩාවැදීමෙනුයි මෙලෙස හානි සිදුවී ඇත්තේ.

නඩත්තු කටයුත්තක් සඳහා අංගනයට රැගෙන ආ දුම්රිය නතරකිරීමේ සීමාව ඉක්මවා යෑම හේතුවෙන් දුම්රිය මාර්ගයෙන් පිටතට පැන එම පැරණි ගොඩනැගිල්ලට කඩාවැදී ඇත.

දුම්රිය රියදුරුට නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇතැයි පොලීසිය පවසයි.

එම අවස්තාවේ එම දුම්රිය අංගනය වෙත ධාවනය කල දුම්රිය රියදුරු සහයකගේ වැඩ තහනම් කිරීමට දුම්රිය පාලනාධිකාරිය කටයුතු කොට ඇත.

එම හේතුවෙන් දුම්රිය රියදුරු සහයකයන් විසින් මෙම ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වී ඇත.

මේ හේතුවෙන් සවස ධාවනය වන දුම්රිය අවිනිශ්චිත තත්ත්වයට පත්ව ඇත.

අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත.

1 Comment

  • Mahi, 2022-09-28 @ 10:53 PM Reply

    Excellent

Leave a Reply

Your email address will not be published. Required fields are marked *