Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මීපේ – ඉංගිරිය මාර්ගයේ පාදුක්ක අංගම්පිටිය උළුකැටිය ප්‍රදේශයේ දී යතුරැපැදියක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ සවස සිදු වූ අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් 50 හැවිරිදි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් මිය ගොස් ඇතැ යි පාදුක්ක පොලිසිය පවසනවා.

මෙලස මිය ගොස් ඇත්තේ, පාලින්දනුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක බව කියන බී.එච්.එස්. ජයන්ති නමැති විවාහක කාන්තාවක්.

අනතුරට ලක් වූ යතුරැපැදිය ඉංගිරිය දෙස සිට මීපේ දෙසටත් ලොරි රථය මීපේ දෙස සිට හඳපාන්ගොඩ දෙසටත් ධාවනය කරමින් තිබිය දී මුහුණට මුහුණ ගැටී තිබෙනවා.

යතුරැපැදියේ ගමන්ගත් කාන්තාවට නින්ද යාම නිසාවෙන් මෙම අනතුර සිදු ව ඇති බවට මෙතෙක් සිදු කළ මූලික පරීක්ෂණවල දී අනාවරණය වී ඇති බව ද පොලිසිය පවසනවා.

මිය ගිය කාන්තාව පාලින්දනුවර ප්‍රාදේශීය සභාවේ ⁣ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරියක වන අතර, ඇය බදුරලිය ශ්‍රී ජිනරතන මාවත පදිංචි ව සිටි බවට යි වාර්තා වන්නේ.

මිය ගිය කාන්තාවගේ දේහය පාදුක්ක ප්‍රාදේශීය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු පාදුක්ක පොලිසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු අද දින අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත යි.

Leave a Reply

Your email address will not be published.