
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධව පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රියාද් බදියුදීන් ඊයේ(14) දින අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු හිටපු අමාත්‍යවරයෙකු වන රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයෙකි.
පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව සිදු කරමින් පවතින විමර්ශනයකට අනුව මොහුව අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පවසන්නේ. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම ප්‍රදේශයේදීය. මිට පෙර පසුගිය මැයි මාසයේදීද රියාද් බදියුදීන් අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ මන්නාරම පොලීසිය විසිනි.
ඔහුත් සමඟ තවත් දෙදෙනෙකු මේ පිළිබඳව පරීක්ෂණ සඳහා අත්අඩංගුවට ගෙන තිබේ.
The post රිෂාඩ්ගේ සහෝදරයා අත්අඩංගුවට appeared first on Lanka News Column.