Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

2019 වසරේදී පැවති ජනාධිපතිවරණයේදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් විසින් බස් රථයකින් ජන්ද දායකයින් ප්‍රවාහනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණ වරෙන්තු ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත අද (13) උපදෙස් ලබා දෙනු ලැබුවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ඉල්ලා සිටිය අතර එහිදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ සඳහන් කලේ මෙම චෝදනා සම්බන්ධයෙන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකි බවත් ඒ අනුව වරෙන්තු නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බවයි.

නඩුවේ මෙම මස 27 වෙනිදා යලි කැඳවීමට නියමිතයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *