Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් රඳවා ඇති නව මැගසින් බන්ධනාගාරයේ වාට්ටුව දැඩි කොරෝනා තර්ජනයකට ලක්ව තිබෙනවා.

ඊයේ දිනයේ හිටපු අමාත්‍යවරයා සමග රඳවා සිටින හය දෙනෙකුගේ PCR පරීක්ෂණ අහඹු ලෙස සිදු කළ අතර ඉන් පස් දෙනෙකුටම කොවිඩ් 19 වැළඳී ඇති බව තහවුරුව තිබෙනවා.

ඒ අනුව එම ස්ථානයේ සිටින වැඩි පිරිසකට කොවිඩ් තර්ජනය එල්ල වී ඇති බවට සැක පළ වනවා.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ අසළින්ම රඳවා සිටින රැඳවියාටත් රෝගය වැළඳී තිබෙනවා.

මේ අනුව හිටපු අමාත්‍යවරයා ද දැඩි කොවිඩ් 19 තර්ජනයකට මුහුණ දී ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ වනවිට බන්ධනාගාර ආශ්‍රිතව වාර්තාවන කොරෝනා අසදිතයන් සංඛ්‍යාව 506ක් දක්වා ඉහලගොස් තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *