Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 06ක් යොදවා පරීක්ෂණ සිදුකළ ද හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් මේ වනතුරු අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ බදියුදීන් මන්ත්‍රීවරයාගේ කොළඹ සහ මන්නාරමේ පිහිටි නිවෙස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පරීක්ෂාවට ලක් කළ ද ඔහු එම නිවෙස්වල නොමැති බවයි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන්ගේ ගණකාධිකාරීවරයෙක්, ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයෙක් හා තවත් පුද්ගලයන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ගණකාධිකාරීවරයා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා පොලීසියට උපදෙස් දී තිබුණා.

පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්ත්‍රීවරයාට අධිකරණ වරෙන්තුවට පිටුපා යෑමට උපකාර කිරීමේ චෝදනා යටතේයි.

මීට අමරතව වාහන දෙකක් හා ගිනි අවි දෙකක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *