Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

නිවසේ සිටි මෙහෙකාර දිරියක පිළිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ලබන මස 1 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඊට අදාළ නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය හමුවේ කැදවූ අවස්ථාවේදියි. එහිදී සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මන්ත්‍රීවරයාගේ බිරිඳට සහ ඇයගේ පියාට ඇප නියම කිරීමටයි අධිකරණය නියෝග කළේ.

කෙසේ වෙතත්, රිෂාඩ් බදියුදීන්ට ඇප නියම කරන ලෙස ඔහුගේ නීතිඥවරුන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය, සැකකරුව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *