Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රුපියල් 100ක් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් 27 හැවිරිදි තරුණියක් තියුණු ආයුදයකින් පහරදී ඝාතනය කිරීමේ අවාසනාවන්ත පුවතක් රත්නපුර, ඇලපාත – මාහිරාගල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

සිය සේවය නිමවා නැවත නිවස බලා එමින් සිටියදී එම කාන්තාවගේ නිවසට මීටර් 500ක් පමණ දුරින් පිහිටි පාලු ස්ථානයකදී මාර්ගයේ රැඳී සිටි සැකකරු ඇයගෙන් රුපියල් 100ක මුදලක් ඉල්ලා ඇති අතර එය ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහු විසින් තියුණු ආයුධයකින් ඇයගේ සිරුරේ ස්ථාන 3කට ඇන, පසුව කාන්තාවගේ අත රැඳි ගමන් මල්ලද රැගෙන පළාගොස් ඇති බව සැකකරු විසින් පාපොච්චාරණය කර ඇති බවයි පොලීසිය සඳහන් කළ්.

මෙම අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් කෙහෙල්ඕවිටගම ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි වියේ පසුවන දෙදරු පියෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතනයට ලක් වූ මෙම තරුණිය මීට මාස 2කට පමණ ඉහතදී විවාහ වී ඇති බවයි වාර්තා වන්නේ.

තම බිරිඳ නිවසට නොපැමිණීම පිළිබඳව සොයා බැලීමත් සමඟ අදාළ කාන්තාවගේ සැමියා විසින් ඇයව රෝහල්ගතකිරීමට පියවර ගෙන ඇතත් ඒ වනවිටත් ඇය මියගොස් සිටි බව වාර්තාවෙයි.

පොලීසිය විසින් සැකකරුගෙන් කළ ප්‍රශ්නකිරීම්වලදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් කසිප්පු පානයට ඇබ්බැහි වී ඇති බවත් කසිප්පු පානය කිරීමට මෙලෙස මුදල් ඉල්ලා සිටි බවත්ය.

අත්අඩංගුවට ගත් සැකකරු හෙට දිනයේ රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඇලපාත පොලීසිය මෙම ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *