Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ලබන ජූනි මස 02 වෙනිදා සිට රුපියල් 5000 දීමනාව ලබා දීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කර සිටිනවා.

පවතින කොවිඩ් තත්ත්වය සහ සංචරණ සීමා හේතුවෙන් ආදායම් අහිමිවූවන්ට මෙම දීමනාව ලබාදීමට රජය තීරණය කර ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ.

රජයෙන් යම් දීමනාවක් ලබන අයෙක් සිටි නම් ඔවුන්ගේ ආදායම රුපියල් 5000 අඩුයි නම්, එම දීමනාව රුපියල් 5000 දක්වා වැඩි කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

එමෙන්ම කොවිඩ් තත්ත්වය හමුවේ සහ පනවා ඇති සංචරණ සීමා නිසා ආදායම් මාර්ග අහිමි වුවන්ටද මෙම රුපියල් 5,000 දීමනාව ලබාදෙන බවයි ඔහු පැවසුවේ.

මෙවර රුපියල් 5,000 දීමනාව පවුල් ඒකක ලක්ෂ 60-65ත් අතර පිරිසකට ලබාදීමට සිදුවන බවත් මෙම දීමනාව පළමුව සමෘද්ධි හිමි පුද්ගලයින්ට ලබාදීම සිදුකරනු ලබන බවයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කර සිටියා

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ, පවුල් ඒකක ලක්ෂ 60-65ත් අතර ප්‍රමාණයකට එම දීමනාව ලබා දීමට සිදු වන බවත් ඊට අවශ්‍ය මුදල් රජය විසින් වෙන් කර ඇති බවත් ය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *