සිම්බාබ්වේ ක්රිකට් කණ්ඩායමේ ශ්රී ලංකා ක්රිකට් සංචාරය තුළ දී ශ්රී ලංකා කණ්ඩායමේ ප්රධාන පුහුණුකාර ධුරය රුමේෂ් රත්නායකට භාරදීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
එක්දින තරග තුනකින් සමන්විත තරගාවලියක් සඳහා සිම්බාබ්වේ කණ්ඩායම ලබන 10 වැනිදා ශ්රී ලංකාවට පැමිණීමට නියමිතයි.
මේ අනුව ජනවාරි 16,18 සහ 21 යන තෙදින තුළ දී මහනුවර – පල්ලෙකැලේ ක්රීඩාංගණයේ දී පැවැත්වෙන එක්දින තරගවලදී ශ්රී ලංකා කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක කටයුතු කරනු ඇති.
ඉන්දියාවේ එම්. ආර්. එෆ්. වේගපන්දු පුහුණු ඇකඩමියේ ප්රධාන පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ රුමේෂ් රත්නායක ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 23කට සහ එක්දින තරග 70කට එක් වී තිබෙනවා.
එහිදී පිළිවෙළින් ඔහු ටෙස්ට් කඩුළු 73ක් සහ එක්දින කඩුලු 76 ක් දවා ගත්, මෙරටින් බිහි වූ විශිෂ්ටතම වේගපන්දු යවන්නෙක්.