Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රුසියානු සමාගම්වල දැන්වීම් අන්තර්ජාලය තළ ප්‍රචාරණය තහනම් කර ඇති අතර රුසියානු සමාගම් YouTube ජාලයට උඩුගත කර ඇති වීඩියෝ සඳහා නැරඹුම් වාරයකට ගෙවන මුදල ද Google සමාගම විසින් අත්හිටුවා ඇත.

පසුගිය සෙනසුරාදා දින ප්‍රකාශයක් නිකුත් කරමින් ගූගල් යුරෝප් පැවසුවේ යුක්රේනයේ සිදුවන යුද ගැටුම් හේතුවෙන් රුසියාවට මෙම ගූගල් සේවා තහනම පැනවූ බවත් ගූගල් සමාගමට අනුබද්ධිත සියලුම සේවා සඳහා මෙම තහනම ක්‍රියාත්මක වන බවත්ය.

රුසියන් ටුඩේ යන YouTube ජාලයේ විශාල පරිශීලකයන් පිරිසක් සිටින නාලිකාවක් වන අතර මෙම තහනම ඔවුන්ට විශාල පාඩුවක් යැයි විශ්ලේෂකයෝ පවසති.

ගූගල් යුරෝප් පැවසුවේ යුක්රේනයේ තත්ත්වය පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින අතර එහි ඇතිවන තත්ත්වය මත තහනම වැඩි කිරීමට හෝ අඩු කිරීමට තීරණය කරන බවයි.

Leave a Reply

Your email address will not be published.