Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රුසියානු හමුදා විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 7 දෙනෙකු මිය ගිය බව යුක්‍රේන පොලිසිය පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔඩෙස්සා නගරයෙන් පිටත පොඩිල්ස්ක්හි හමුදා ඒකකයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් හය දෙනෙකු මිය ගොස් හත් දෙනෙකු තුවාල ලැබූ බව නිලධාරීන් පැවසූ බව ය.

පුද්ගලයන් 19 දෙනෙකු ද අතුරුදන්ව ඇති අතර මරියුපෝල් නගරයේ එක් පුද්ගලයෙකු මිය ගිය බව ඔවුහු වැඩිදුරටත් පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මේ අතර, රුසියානු ගුවන් යානා පහක් සහ හෙලිකොප්ටරයක් බිම හෙළූ බව යුක්‍රේන සන්නද්ධ හමුදා පවසයි. කෙසේ වෙතත්, තම ගුවන් යානා වෙඩි තබා බිම හෙළූ බවට පළවන වාර්තා රුසියානු ආරක්ෂක අමාත්‍යංශය ප්‍රතික්ෂේප කර තිබේ.

මේ අතර, රුසියාව යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීම අරඹා පැය කිහිපයක් ගත වීමත් සමග යුක්‍රේනයේ අගනුවර වීදි එරට හමුදා නිලධාරීන්ගෙන් සහ ජනතාවගෙන් පිරී ඉතිරී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

අගනුවර තුළ සයිරන් නළා හඬ නාද කිරීම ත් සමග එරට බොහෝ ජනතාව අත්‍යවශ්‍ය දෑ රැගත් බෑග් ද අතැතිව අග නගරය හැරයමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම වාර්තාවල දැක්වෙන්නේ, ජංගම දුරකතන ජාල සබඳතා ද බිඳවැටී ඇති බව ය.

මෙම යුද්ධමය වාතාවරණය හමුවේ කුමක් කළ යුතු දැයි තීරණය කළ නොහැකිව සිටින බව නගරවලින් පිටව යන ඇතැම් නගර වාසීන් සඳහන් කර ඇත.

එමෙන් ම ජනතාව මුදල් ලබා ගැනීම සඳහා ATM යන්ත්‍ර ආසන්නයේ සහ භාණ්ඩ මිල දී ගැනීම සඳහා සුපිරි වෙළෙඳසල්වල පෝලිම් ගැසී සිටිනු දක්නට ලැබෙන බව ද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published.