Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

යුක්‍රේනයේ මරියපෝල් සහ වොල්නොවාකා නගර සඳහා සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබේ.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් එය ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව මරියපෝල් සහ වොල්නොවාකා නගරවල පදිංචි ජනතාවට ඉන් ඉවත්වීම සඳහා සටන් විරාම කාලය තුළ අවස්ථාව හිමිව තිබේ.

කෙසේ වෙතත් රුසියාව විසින් ප්‍රකාශයට පත් කර ඇති සටන් විරාමය සම්බන්ධයෙන් යුක්‍රේනය විසින් මෙතෙක් තහවුරු කිරීමක් සිදුකර නොමැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published.