රුසියාවේ යුද ආක්රමණයත් සමග යුක්රේනයේ සිරවී සිටින ශ්‍රී ලාංකික සිසුවෙකු මෙරටට විශේෂ වීඩියෝවක් එවා තිබුණි.
ඉන් ඔහු පෙන්වා දෙන්නේ රුසියා – යුක්රේන යුද්ධය ට රුසියානු ප්රහාරයන්ගෙන් ආරක්ෂාවීම සඳහා තමන් ද යුක්රේන වැසියන් සමග දුම්රිය උමං මාර්ගයක් වෙත පැමිණි බවය. ආරක්ෂිත ස්ථාන වෙත පළායෑමට නොහැකි වූ බොහෝ පිරිසක් එලෙස ඊයේ දිනයේ සිට භූගත ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින බවද ඔහු පවසයි.
මම ශ්‍රී ලංකික වෛද්‍ය සිසුවෙක්. යුක්රේනයේ අධ්‍යාපනය හදාරනවා. මම මේ වනවිට සිටින්නේ කියුව් අගනුවර. අපි ශ්‍රී ලංකාව වෙත යෑමට පෝලන්තය වෙතට යාමට අවශ්‍යයි.
ඒ සඳහා පෝලන්ත දේශසීමා අසලට යා යුතුයි. මම හිතන්නේ මේ වනවිට රුසියානු හමුදාවත් කියුව් අගනුවර වෙත ළඟාවෙයි. ඔවුන් දැනටමත් ප්රහාරයන් ආරම්භ කර තිබෙනවා.
ඔබ මේ දකින්නේ කියුව් හි ජනතාව මේ වනවිට රැස්ව සිටින ආකාරයයි. අපි මේ සිටින්නේ උමං දුම්රිය මාර්ගයක් බංකරයක් ලෙස යොදාගෙන. ඒ තුළට වී සැඟව සිටිනවා.
ඒ නිසා අපිට බෝම්බ සහ ෂෙල් ප්රහාරයන්ගෙන් බේරි සිටීමට පුළුවන්. අපි හිතනවා ලංකා රජය අපිව බේරාගැනීමට කටයුතු කරයි කියලා.