Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රුහුණු විශ්වවිද්‍යාලයේ හපුගල, ඉන්ජිනේරු පීඨයේ සිසුන් දෙදෙනකුට කොරෝනාවෛරසය ආසාදනයවී ඇතැයි ඊයේ (අප්‍රේල් 23) තහවුරු වූ බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ පවසයි.

ඔවුහු වවුනියාව තේක්කවත්ත සහ වේයන්ගොඩ, තල්ගස්මොටේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙති.

ඉන්ජිනේරු පීඨයේ සිසුන් 265 දෙනෙකුට පසුගිය අප්‍රේල් 21 වන දා සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල අනුව මෙම ආසාදිත සිසුන් දෙදෙනා හඳුනාගෙන ඇත.

මේ අතර, ගාල්ල කරාපිටිය රෝහලේ 36 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 6 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනයවී තිබේ.

ඔවුන් නාගොඩ, මහඔය, ඇල්පිටිය, කහදූව සහ ගාල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවය.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *