Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පසුගියදා වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වී කලබැගෑනියක් ඇති කර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඇතුලූ පිරිසක් බව අද ‘ද මෝනින්’ පුවත්පත වාර්තා කරයි.

වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස පැමිණ ඇති රථය පදවා ගෙන පැමිණ ඇත්තේ මෑතකදී පැවති ආන්දෝලනාත්මක රූ රැජින තරගයේ ජයග්‍රාහිකාවක බව ද එම වාර්තාව තවදුරටත් කියා සිටියි.

කෙසේවෙතත් බන්ධනාගාර ලොහාන් රත්වත්තේ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා සඳහන් කර ඇත්තේ ජනමාධ්‍ය විසින් වාර්තා කර ඇති සිදුවීම් කිසිවක් සිදුවී නැති නිසා ඒ පිළිබදව අදහස් දැක්වීමේ අවශ්‍යතාවයක්ද නැති බවයි.

එමෙන්ම පසුගිය ඉරිදා අනුරාධපුර බන්ධනාගාරය තුලදී සිරකරුවන් මරා දමන බවට තර්ජනය කළැයි චෝදනා ලබා සිටින බන්ධනාගාර කළමනාකරණ රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්ත තනතුරින් ඉවත් කර අත්අඩංගුවට ගෙන වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස දෙමළ ජාතික සන්ධානය රජයෙන් ඉල්ලා සිටී.

සැප්තැම්බර් 12 දා සවස ලොහාන් රත්වත්ත අනුරාධපුර බන්ධනාගාරයට ගොස් දෙමළ දේශපාලන සිරකරුවන් කැඳවා ඔවුන්ගෙන් දෙදෙනෙකු දණ ගැස්වූ බව තම පක්ෂයට තහවුරු කළ හැකි බව ද දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජන් පොන්නම්බලම් සිය නිල ට්විටර් ගිණුමේ සඳහන් කළේය.

ඔවුන් ඉදිරිපිට රාජ්‍ය ඇමතිවරයා තම පෞද්ගලික ගිනි අවිය පෙන්වා ඔවුන්ට එම ස්ථානයේදීම මරා දමන බවට තර්ජනය කළ බව පොන්නම්බලම් චෝදනා කළේය.

ඔවුන්ගේ කටයුතු බලා ගත යුතු ඇමතිවරයා ඔවුන්ව මරා දමන බවට තර්ජනය කිරීම නිසා ඔවුන්ගේ (සිරකරුවන්ගේ) මානසික ආතතිය වඩාත් නරක අතට හැරවීමට ඉඩ දිය නොහැකි යි. TNPF ඉල්ලා සිටින්නේ ඇමතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවත්, ඔහුගේ සියලු තනතුරු අහෝසි කරන ලෙසත් ය.

පොන්නම්බලම් පැවසීය

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *