Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

හොර පාරෙන් මෙරටට ගෙන්වා මත්තල සඟවා තිබූ රුපියල් කෝටි දෙකක් පමණ වටිනා අධිසුඛෝපභෝගී මොන්ටෙරෝ රථයක අයිතිකරු සොයා අධිකරණ නියෝග මත මත්තල පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

රජයේ තීරුබදු හා රේගු බදු නොගෙවා වංචා සහගත ලෙස හොර පාරෙන් මෙම වාහනය මෙරටට ගෙන්වා මත්තල අලුත්ගම්ආර ප්‍රදේශයේ නිවසක සඟවා තිබිය දී මත්තල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රසාද් බංඩාරට ලැබුණු පුද්ගලික තොරතුරකට අනුව වැටලීමක් සිදුකර මෙම අධිසුඛෝපභෝගී මොන්ටෙරෝ රථය පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ පානදුර ප්‍රදේශයේ පදිංචි තමන්ට දුරින් ඥාති වන පුද්ගලයෙකු කතරගම යාමට පැමිණි අවස්ථාවේ ඔවුන් පැමිණි වාහනය කාර්මික දෝෂයකට ලක්වීම නිසා එය සකස් කර රැගෙන යනතෙක් තම නිවසේ නවතා තබන බව පවසා මෙම මොන්ටෙරෝ ජිප් රථය සිය නිවසේ නවතා දමා ගිය බව පොලිස් ප්‍රශ්න කිරීමේ දී වාහන නවතා තිබූ නිවෙසේ හිමිකරු පොලිසියට පවසා ඇත.

කෙසේ නමුත් පොලිස් ප්‍රශ්න කිරීමේදී අදාල වාහනයේ අයිතිකරු සම්බන්ධයෙන් නිසි අනන්‍යතාවයක් තහවුරු කිරිමට නිවෙස් හිමියා ද අපොහොසත් විම නිසා අදාල ජීප් රථය පොලිස් භාරයට ගෙන සිදුකළ මුලික විමර්ශන වලදී අනාවරණය වි තිබුණේ මෙම ජීප් රථය තීරු බදු හෝ රේගු බදු කිසිවක් නොගෙවා වංචා සහගත ලෙස හොර පාරෙන් මෙරටට ගෙන්වා ඇති බවය.

වාහනය සඳහා අදාල ලිපිගොනු සකස් කරනතුරු වෙනත් වාහනයක අංක තහඩු යොදාගෙන මෙම රථය මත්තල ප්‍රදේශයට රැගෙනවිත් සඟවා තබා ඇති බව හෙළි වී ඇත.

වාහනය පොලිස් භාරයට ගන්නා අවස්ථාව වන විට වාහනයේ පැවති ලියාපදිංචි සහතික ද ව්‍යාජව සකස් කර තිබූ එකක් බවට අනාවරණය වි තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මත්තල පොලිසිය තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර රේගුව නිළධාරීන් හා රජයේ රස පරීක්ෂක කාර්යාලයේ නිළධාරීන්ගේද සහාය ඇතිව විමර්ශන කටයුතු සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කරන ලෙසට එහිදී තිස්සමහාරාම මහේස්ත්‍රාත් සමීර තුෂාර මහතා මත්තල පොලිසියට නියෝග කර තිබේ.

තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අමල් එදිරිමාන්න, හම්බන්තොට සහකාර පොලිස් අධිකාරී පෙරේරා ගේ උපදෙස් පරිදි මත්තල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රසාද් බංඩාර, උප පොලිස් පරික්ෂක සුමනසිරි, පොලිස් කොස්තාපල්වරුන් වන (87321) බංඩාර, (100042) දිනුක යන නිළධාරීන් එක්ව වැටලීම සිදුකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *