Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රෝග ලක්ෂණ නොපෙන්වන නමුත් කොරෝනා වෛරසය ආසාදිත වූවන් තම නිවෙස් තුළම රැඳවීමට රජය රජය ගෙන ඇති තීරණය හේතුවෙන් කොරෝනා මරණ සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ කොරෝනා ආසාදිතයන් නිවෙස් තුළ රැදවූ විට හදිසි අවස්ථාවකදී එම නිවාස වලට යාමට තරම් වෛද්‍යවරුන් හෝ සෞඛ්‍ය කාර්යය මණ්ඩල නොමැති බව බවයි.

මෙවන් තත්ත්වයක් තුළ ආසාදිතයන් නිවෙස් තුළ රැඳවීම මාරාන්තික බවත් අවශ්‍ය රෝගීන්ට නිසි වෙලාවට පහසුකම් නොලැබුණහොත් ඔවුන් නිවාස තුලම මිය යෑමේ අවදානමක් ඇතැයිද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

එමෙන්ම මෙරට රෝහල් ධාරිතාව ඉක්මවා යාම හේතුවෙන් රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයන් නිවාස තුලම රැදවීමේ නියමු වැඩසටහන සදුදා දිනයේ සිට ආරම්භ කරන බව කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනි සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සඳහන් කළාය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *