Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

වෛද්‍යවරයෙකු වූ හැරල්ඩ් ෆ්‍රෙඩරික් ශිප්මන් හෙවත් ෆ්‍රෙඩ් ශිප්මන්, තමා ලඟට පැමිණෙන රෝගීන් සුවපත් කිරීමට අමතරව ඝාතනය කිරීමද සිදු කලේය. ඔහු ජීවත් වූයේ එංගලන්තයේ නොටිංහැම්ශයර්හි ය.

වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගන්නා රෝගීන් ප්‍රමාණය අනෙක් වෛද්‍යවරුන්ට සාපේක්ශව තරමක් ඉහල අගයක් ගැනීම සිදුවිය හැකි දෙයකි. එහෙත් එය සැලකියයුතු මට්ටමේ ඉහළ අගයක් ගැනීම සැකයට භාජනය විය යුතුය.

දාන මාන සඳහා වියදම් කරමින්, සියල්ලන්ගේම පවුලේ වෛද්‍යවරයා වෙමින්, අඩු මුදලට වෙදකම් කරමින් සිය වෘත්තිය කර ගෙන ගිය හැරල්ඩ් ඉතා ජනප්‍රිය වෛද්‍යවරයෙක් විය. එහෙත් 1975 ත් 1998 ත් අතර කාලය තුල හැරල්ඩ්ගෙන් ප්‍රතිකාර ගත් රෝගීන් 300 කට වැඩි ප්‍රමාණයක් මියගොස් තිබූ අත‍ර, එයින් 250 ක් ම මරණයට පෙර හැරල්ඩ් හමුවී තිබීම අහඹු සිදුවීමක් නොවන බව නිරීක්ශණය විය. එයිනුත් 215 ක් පමණ වයස අවුරුදු 60 ට වැඩි කාන්තාවන් වීම තවත් අපූරු සිදුවීමක් විය.

පැමිණිලි කිහිපයක් ලැබීමත් සමග පරීක්ශණ ආරම්භ විය. වෛද්‍ය හැරල්ඩ්, එංගලන්ත ඉතිහාසය තුල දරුණුතම දාම ඝාතකයා බවට නම් වන්නේ ඒ පරීක්ශණ වල ප්‍රතිඵලයක් ලෙසය. මෙම ඝාතන වලින් බහුතරයක් කිසිදු අරමුණකින් තොරව සිදුකල ඒවා වීම අරුමයක් විය.

පරීක්ශණ වලින් අනතුරුව අත්තඩංගුවට පත්ව නඩු විභාගයේදිඔ දඬුවම ලෙස ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලැබූ හැරල්ඩ් 2004 වසරේදී සිය දිවි හානි කරගෙන මිය ගියේය. Doctor Death, Angel of the Death, Good Doctor ලෙස එංගලන්ත වැසියෝ ඔහුව අද ද හඳුන්වති.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *